by Staff writer 20-08-2018 | 2:08 PM
News 1st : සුපිරි බොලිවුඩ් නිළි ප්රියංකා චොප්රා සමග විවාහ ගිවිස ගැනීම තමන් ලොව වාසනාවන්තම මිනිසා බවට පත් කළ බව අමෙරිකානු පොප් ගායක නික් ජොනාස් පවසයි.
ඉකුත් ජුලි 18 වැනි දිනට යෙදුණු ප්රියංකා චොප්රාගේ උපන් දිනය දා විවාහ ගිවිස ගත් ඔවුන් පසුගිය දා ඉන්දියාවට පැමිණ සම්ප්රදායික විවාහ ගිවිස ගැනීමේ චාරිත්රවල නිරත වුයේ සිය සබඳතාව නිල වශයෙන් තහවුරු කරමිනි.
නික් ජොනාස් සහ ප්රියංකා චොප්රා නොදුරු දිනකදීම යුගදිවියට එලඹෙනු ඇතැයි ද බොලිවුඩ් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ .