by Staff writer 16-08-2018 | 11:45 AM
COLOMBO (News 1st) - දේශීය ලොකු ළූණු වගා අක්කරයක් සඳහා රුපියල් 40,000 ක වගා රක්ෂණයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ස්වාභාවික විපත් හෝ වෙනත් හානීවලදී දේශීය ලොකු ළූණු ගොවියාට සිදු වන පාඩුව අවම කිරීම මෙහි අරමුණ බවයි.
දේශීය ළූණු අවශ්‍යතාව සඳහා ලොකු ළූණු ආනයනය අවම කිරීම සඳහා දේශීය ලොකු ළූණු වගාව වියළි කලාපයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.