ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
''ගම්පෙරළිය කියන්නේ විශාල ව්‍යාපෘතියක් නෙමෙයි.ව්‍යාපෘති 10000ක් 15000ක් පොඩි ඒවා.ඒ නිසා මේක අපිට සාර්ථක කරන්න තියනවා.අපි බලාපොරොත්තු වෙනවා ප්‍රමාද වෙලා තියන පියවර සියල්ලම ඉවත් කරන්න.මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කොමිටියක් පත් කරලා තියනවා ලේකම්වරුන්ගෙන්. අන්තිමට සියලුම ව්‍යෘපෘති ඒ අය තෝරන්න යනවා.ඒ ව්‍යෘපෘති ඔක්කොම හදුනාගත්තාම මගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඒවා දැනුම් දෙනවා දිසා ලේකම්ට.වහාම ක්‍රියාත්මක කරන්න කියනවා දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම්ට යවලා.ඒවා ගැන සමීක්ෂණය කරන්න තව කණ්ඩායමක් ව්‍යාපෘති කළමණාකරණ ඇමති සාගල රත්නායක ඇමතිතුමා,රාජ්‍ය මුදල් ඇමති එරාන් වික්‍රමරත්න ඇමතිතුමා,රාජ්‍ය ස්වදේශ කටයුතු ඇමති ජේ සී අලවතුවල ඇමතිතුමා , රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති නිරෝෂන් පෙරේරා මැතිතුමා මැතිතුමාත් මේ ව්‍යාපෘති සියල්ලම සමාලෝචනය කරනවා''
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු ආරෙන්පරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහල් 2කින් සමන්විත ප්‍රදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් දෙකෝටි 70 ලක්ෂයක් වැය කර තිබිණ.
ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සංචාරයක ද නිරත විය.