ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට

ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 29-07-2018 | 1:15 PM

COLOMBO (News 1st) - නීති විරෝධීව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස්ථානයේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු හමුදා සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා ආබාධිත අයෙකි. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිටි බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. අනෙක් දෙදෙනා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා හොරණ පොලිස්ථානයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පත් කර තිබේ.