by Staff writer 27-07-2018 | 4:25 PM
COLOMBO (News 1st) - බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටින 10 හැවිරිදි දරුවා සොයා පොලිස් බුද්ධි අංශ තොරතුරු මත තව දුරට ත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
දරුවා සෙවීමේ මෙහෙයුම් අද ක්‍රියාත්මක වන්නේ 8 වන දිනටයි.
පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත දරුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් ද යොදවා තිබේ.
එහෙත් දරුවා පිළිබඳව කිසිඳු හෝඩුවාවක් මේ වනවිට ලැබී නොමැත.
බලංගොඩ, සමනලවත්තේ පදිංචි සහන් කුමාර ධර්මසිරි නැමති දරුවා පසුගිය සිකුරාදා පාසල් නිමා වී නිවසට පැමිණීමෙන් අනතුරුව දර කැඩීමට යාබද වන පෙදෙසට ගිය සිය පියා සොයා ගිය ඔහු යළි නිවසට පැමිණි නොමැත.
එදින පස්වරුවේ සිට දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් සහන් සෙවීමට කටයුතු කළ අතර දරුවා පිළිබඳ තොරතුරක් නොමැති නිසා සහන්ගේ දෙමව්පියන් පසු දින බලංගොඩ පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළේය.
ඒ අනුව, සෙනසුරාදා පොලීසිය සහන් සොයා මෙහෙයුම් අරඹන්නේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිවයි.
තුන්වන දිනටත් ඉරිදා දරුවා සෙවීමේ මෙහෙයුම් සිදු වූ අතර පොලීසිය, කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරින් 50 දෙනෙකුගේ කණ්ඩායමක් සහ ප්‍රදේශවාසින් එක්ව සමනලවත්ත රක්ෂිතයේ මෙන්ම අවට ප්‍රදේශවලත් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.