ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් නිම කළ වගයි!

ගම්මැද්දෙන් ප්‍රතිසංස්කරණය කළ පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට

by Staff writer 23-07-2018 | 2:11 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩදහස යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු හම්බන්තොට, බදගිරිය යහංගල ප්‍රථමික විද්‍යාල ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කෙරිණ. විද්‍යාලය සතු ගොඩනැගිලි දෙකම අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට එහි දරුවන් ඉගෙනුම ලැබුවේ ජීවිත අවදානම ද අතදරමිනුයි. ගම්මැද්ද ලේකම් කාර්යාලයට කරන ලද ඉල්ලීමට අනුව විදුහල් ශාලාවේ වහල අලුත්වැඩියා කරදීමට තීරණය කළ අතර එහි කටුයුතු ආරම්භ වූයේ, පසුගිය මාසයේ 6 වන දා ය. යහංගල ප්‍රථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් වූ මෙම සත්කාරය සඳහා අනුග්‍රහය දැක්වූයේ, එස්ලෝන් ආයතනයයි. මෙම අවස්ථාවට එස්ලෝන් ආයතනයේ ඉහළ පෙළ නිලධාරීහු මෙන්ම ගම්මැද්ද ලේකම් කාර්යාලයේ සාමාජික පිරිසක් ද එක්ව සිටියහ.