COLOMBO (News 1st) - වත්මන් ආණ්ඩුව පසුගිය රජයේ සිටි නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවමින් ඔවුන්ගෙන් පළිගනිමින් ඇති බව යුක්තියට හඬක් සංවිධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල්, විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර, සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධානී රොහාන් වැලිවිට සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන් මෙම සංවිධානය වෙනුවෙන් මාධ්‍ය හමුවට සහභාගි විය.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් ඔබලා සර්ව සම්පූර්ණ පාර්ශව ද මීට කළින් ආණ්ඩුවල
එ.ජා.ප යේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල්,
ඔබතුමා මොන ආයතනයේ ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මගේ ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ
අජිත් නිවාඩ් කබ්රාල්,
ඔබතුමා මං දන්නවා කොහෙද කියලා. ඔබතුමා ඉන්න ඉන්න අහගෙන ඉන්නකෝ පොඩ්ඩක්....මේ... මේ... අහගෙන ඉන්න. ඔබතුමාලාගේ අයතනයේ ඉන්න නිලධාරීන්ටත් ලොකු ලොක්කන්ටත් ඔයවගේ චෝදනා තියෙනවා. මං කියනවා දැන් ඔබ තුමන්ලා කියන්න හදනවා නම් අපේ මේ චෝදනා ඇත්ත කියලා. ඒ චෝදනාත් ඇත්ත වෙන්න පුලුවන් එහෙනම්. හරිනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
පැහැදිලිව කතා කරන පර්පෙචුවල් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ රජයට තියෙන ලොකුම චෝදනාව ඔබතුමාලා කිව්වානේ ලොකු වංචාවක් වුණා කියලා පී.ටී.එල්. එක කවුද මේ රෙජිස්ටඩ් ස්ටොක් මාකට් එකට ගෙන්නේ කවු ද? ඔබතුමානේ.
අජිත් නිවාඩ් කබ්රාල්,
එක වැරදි ද? ඒ කාලේදි වෙච්ච
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පළමු බොරුව.
බැඳුම්කර වංචා කළ බව කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දුන්නේ අජිත් නිඩාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදීයි.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අයත්වූ මව් සමාගම වන පර්පෙචුවෙල් කැපිටල් හෝල්ඩින් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකුවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබාදී තිබුනේ කබ්රාල් මහතාගේ අනුදැනුමකින් තොරව ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
සමාවෙන්න මගේ ප්‍රශ්නය ඉවර නෑ නමුත් ඔය කියන්නා වූ ළබැඳියාවන් අතර ගැටුම ඒ කාළේ මතුවෙලා තිබුනේ නැද්ද
අජිත් නිවාඩ් කබ්රාල්,
ඔව් දැන් ඔබතුමාගේ ආයතනයේ ප්‍රධානියා ළබැඳියාවේ ගැටලුවක් තියෙනවා අනිත් අයටත් ඔබතුමාට ඕන උත්තරේ නෙවෙයි මම දෙන්නේ ඔබතුමා මතක තියාගන්න ඔබතුමා ප්‍රශ්න අහද්ද මම දෙන උත්තරේ අහගන්න.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා
අජිත් නිවාඩ් කබ්රාල්,
කිලි රාජා මහේන්ද්‍රන් මහත්තයා ෆීකුවන්සි පිළිබඳ චෝදනාවක් තියෙනවා හරි ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මොකක්ද චෝදනාව ?
අජිත් නිවාඩ් කබ්රාල්,
තියෙනවා මං එක මේ ඔක්කෝලටම කියන්න ඕනේ නෑ චෝදනාව එතුමා
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා මහ බැංකුවේ ගවනර් හැටියට හිටයට දන්නේ නෑ
අජිත් නිවාඩ් කබ්රාල්,
චෝදනාවක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවා ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නෑ චෝදනා කරන්න පුලුවන්
අජිත් නිවාඩ් කබ්රාල්,
එක තමයි අපිත් කියන්නේ චෝදනාවක් තියෙනවා චෝදනාවක් තිනෙවා එතකොට නැව් සම්බන්ධව චෝදනාවක් තියෙනවා ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නෑ
අජිත් නිවාඩ් කබ්රාල්,
තියෙනවා. ඔබතුමා ප්‍රශ්න ඇසීමෙන් වෙන්නේ ඔබතුමාගේ ලොක්කට ප්‍රශ්නයක් වෙනවා. ඔවට පස්සේ උත්තර දෙන්න හරි අමාරු වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා ඔබතුමා ඉන්න. ඒ නිසා ඔබතුමා අනිත් අයට ඇඟිලි දික්කරද්දී තමන්ටත් ඇඟිලි දික්වෙනවා කියලා මතක තියාගන්න.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මම අහන්නේ ඔබතුමාගේ සමයේ ඔබතුමාගේ සහෝදරියක් ඉන්න පී.ටී.එල්. එක
අජිත් නිවාඩ් කබ්රාල්,
මගේ සහෝදරිය පී.ටී.එල්. එකේ නෑ මං එකේ
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දෙදාස් දහතුනේ
අජිත් නිවාඩ් කබ්රාල්,
කොමිසමටත් උත්තරදීලා තියෙනවා ඒ පිළිබඳව ඔබතුමාලට මං එක කියලා තියෙනවා පී.ටී.එල්. එකේ එතුමියට තිබුනානම් සම්බන්ධතාවයක් මෙලහකට මාව ඔක පටලලා ඉවරයි. ඔබතුමන්ලාගේ චැනල් එකේ විතරයි එක කියන්නේ.
කබ්රාල් මහතාගේ දෙවන බොරුව...
බැඳුම්කර වංචාව සිදුවන විට ඔහුගේ සහෝදරිය පර්පෙචුවෙල් සමාගමේ නොසිටි බව ඇත්තක්.
එහෙත් කබ්රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් මව් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර නිසි අවශ්‍යතා සපුරා නොතිබියදීත් ප්‍රාථමික ගැනුම්කාර තත්ත්වය සමාගමට ලබාදෙන්නේ ඇය එම තනතුරේ සිටි කාලයේදීයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඉකොනොමි නෙස්ට් කියන සඟරාවේ අද දවසේ පළ කරලා තියෙන රිපොට් එකක මේ සියලු තොරතුරු වාර්තා කරලා තියෙනවා.
අජිත් නිවාඩ් කබ්රාල්,
දැන් ඔකේම තමා පළ කරලා තිබුනේ ඔබතුමාලාගේ නායකයාගේ නැව් ගනුදෙනුව ගැන තව ත් අය පළ කරලා තිබුනා ඔබතුමන්ලාගේ ෆීකුවන්සිස් ගැන. එක එක්කෙනා පබ්ලිෂ් කරලා තියෙනවා. ඔබතුමා මේක විස්වාස කරනවා නම් මේකත් විස්වාස කරන්න. හරි ඔබතුමාගේ ප්‍රශ්න ඇති අනිත් අය ප්‍රශ්න අහන්න. ඔබතුමාලා මේ ප්‍රශ්නය යුත්තියට හඬක් ගැන අහන්නකෝ දැන් ඔබතුමාට ඕනේ වෙන එකක් ගැන පටලවා ගන්නනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නෑ නෑ ග්‍රීක් බැඳුම්කර ගනුදෙනුව
අජිත් නිවාඩ් කබ්රාල්,
හොඳයි ඔබතුමා අහපු එක ග්‍රීක් බැඳුම්කර ගැන ඔබතුමා දන්නවා ද? සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා නඩුවක් දැම්ම බව දන්නවා ද? ඔබතුමා දන්නවා දැන්නෑ වගේ හිටියට ඊට පස්සේ සුප්රිම් උසාවියෙන් එකට තීන්දුවක් දුන්න බව දන්නවා ද ?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
කවද්ද තීන්දුවක් දුන්නේ?
අජිත් නිවාඩ් කබ්රාල්,
2014 සැප්තැම්බර් මාසේ 12 වැනිදා උසාවියේ තීන්දුවක් දීලා තියෙනවා. ඔබතුමා ගිහිල්ලා බලන්න.
තුන්වන බොරුව...
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා එවක ගොනු කළේ මූලික අයිතිවාසිකම් නඩුවක්.
මූලික අයිතිවාසිකම් නඩු කටයුත්ත අවසන් වුවත් වංචාවක් නැතහොත් දූෂණයක් සිදුනොවූ බව අධිකරණය පවසා තිබුනේ ද?
නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කළ යුතු බවත් එවැනි විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් කබ්රාල් මහතාට අමතක වූයේ කෙසේ ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා අලුත් අනාවරණයක් කළා මේ ෆ්‍රීකුවන්සි කාතාවකුයි මේ නැව් ගත්ත කතාවකුයි එක පොඩ්ඩක් පැහැදි කරන්න කෝ.
අජිත් නිවාඩ් කබ්රාල්,
එක් පස්සේ ගන්නම් අදට ඇති
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නෑ නෑ පැහැදිලි කරන්න
අජිත් නිවාඩ් කබ්රාල්,
වෙන දවසක ගමු වෙනදවසක එක මං රිසර්ච් කරලාම ගන්නම් වෙන දවසක්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මේ සම්බන්ධව පැමිණිල්ලක් තියෙනවා ද?
අජිත් නිවාඩ් කබ්රාල්,
දැන් ඔබතුමාලා කිව්ව දෙවල් පැමිණිලි තියෙන දෙවල් නෙවේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නෑ අපි කතා කළේ FCID පැමිණිලි ගැන
අජිත් නිවාඩ් කබ්රාල්,
මම උත්තරයක් දුන්නේ එක තමයි CID එකට ගත්ත ප්‍රශ්න පැමිණිල්ලක් තිබුනේ නෑ මං පැමිණිලි කරපු පුද්ගලයා ගැනත් කිව්වානේ.
මාධ්‍ය ඉදිරියේ තර්ජනය කරමින් තමන් සුද්ද වන්තයින් සේ පෙන්වීමට උත්සාහ කරන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා වැනි අයගේ කියුම් කෙරුම් රටේම ජනතාව හොඳින් දනී.
දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙන්ම අල්ලස් කොමිසම මේ අයගැන කරන පරීක්ෂණ ඉදිරියේදී අධිකරණ ඉදිරියට යනු ඇති.
ග්‍රීක බැඳුම්කර, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ලබා ගැනීමට ගිය සංචාරය, කොටස් වෙළෙඳපොළේ වංචා දූෂණ මේ එකක් දෙකක් පමණි.
අපි මේවා ගැන සාක්ෂි සාධක සහිතව ඕනෑ තරම් අනාවරණය කර ඇත.
නීතිඥ ලලිත් පියුම් මහතා වැනි තරුණ නීතිඥයෙකු ලෙස පැහැදිලි අනාගතයක් දක්නට ඇති දක්ෂයින් අතර ද දක්ෂයෙකි.
තරුණ සේවා සභාවේ සිටියදී රටේ අනාගතය වෙනුවෙන් ඔහු වෙහෙසුනු අයුරු අප කාතුළත් හොඳින් මතකයේ ඇත.
කීර්තිමත් මාධ්‍යවේදියෙකුගේ පුත්‍රයෙකු බැවින් රොහාන් වැලිවිට මහතා ගැන අපි මේ වෙලාවේ කතා නොකරමු.
හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර මහතාගේ කියුම් කෙරුම් ද අප නොදන්නවා නොවේ.
දැන් සිදුවී ඇත්තේ කිරි කෝප්පයට ගොම බිදුවක් නොව ගොම ගොඩක් වැටී විනාශවීමකි.