සංස්ථාවෙන් ඉන්ධන පරණ මිලටම: මිල වෙනසක් නැහැ-IOC

සංස්ථාවෙන් ඉන්ධන පරණ මිලටම: මිල අඩු කරන්නේ නැහැ - IOC

by Chathuranga Rajapaksha 06-07-2018 | 3:29 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පැරණි මිලටම ඉන්ධන අලෙවි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් චක්‍රලේඛන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති බව ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණු අතර නව චක්‍රලේඛනය අනුව පැරණි මිලටම ඉන්ධන අලෙවි වනු ඇති. මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගමේ උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ, කැබිනට් අනුමැතිය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කළ මිලට තම ඉන්ධන නිකුත් කරන බව ය.