විජයකලා නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

විජයකලා නිසා නොසන්සුන් වූ පාර්ලිමේන්තුවේ අදට නියමිත කටයුතු අත්හිටුවයි

by Chathuranga Rajapaksha 03-07-2018 | 2:45 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභාව තුළ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් අදට නියමිත පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කතානායකවරයා පියවර ගැනිණි.

විජයකලා මහේස්වරන් රාජ්‍ය ඇමතිවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම බාධා කළ අතර එහිදි හටගත් නොසන්සුන්තාව මත සෙංකෝලය පැහැර ගැනීමට මන්ත්‍රිවරුන් උත්සාහ දැරිමත් සමගම සභාවේ කටයුතු අත්හිටවනු ලැබිණි.