ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

by Sagarika Chathumali 02-07-2018 | 11:10 AM
අමෙරිකාව සිය බොරතෙල් අපනයන කටයුතු වෙත බලපෑම් කළ හොත් බොරතෙල් අපනයනය පෞද්ගලික සමාගම් වෙත භාර දෙන බව ඉරානය පවසයි. ඉරානය සඳහන් කළේ, තම රටෙන් බොරතෙල් ආනයනය නොකරන ලෙසට අමෙරිකාව සෙසු රටවලට කළ බලපෑම් එමගින් වැළැක්වීමට හැකිවනු ඇති බවයි. ඉරානයට හිමි ස්ථානය ඔපෙක් සංගමයේ ප්‍රතිවාදී බොරතෙල් නිෂ්පාදක සෞදි අරාබියට කිසිවිටකත් ලබාගත නොහැකි වනු ඇති බවට ද ඉරාන බලධාරීහු අනතුරු ඇඟවූහ. ඉරාන රජයට මේ සම්බන්ධයෙන් සැලසුමක් ඇති බවත් අවශ්‍ය තරම් බොරතෙල් අලෙවි කිරීමට ඉරානයට හැකිවනු ඇතැයි ද ඉරාන බලධාරින්  උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලබන නොවැම්බර් මස 4 වන දින වන විට ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර නොකළ  හොත් සම්බාධක පනවන බවට ජනපති ට්‍රම්ප් ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ට අනතුරු අඟවා අවසන් ය.

පෙර පුවතට පිවිසිම සඳහා Click කරන්න...