home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අනතුරට පත් වෙළෙඳ නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනේ
by Staff writer
26-06-2018 | 5:00 PM
COLOMBO (News 1st) - කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් 'මුතා පයනියර්' නම් වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුලු නාවිකයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අද අලුයම නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.
ඒ, නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා මගිනි. ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළෙඳ නෞකාව කපිතාන්වරයා හට පාලනය කරගත නොහැකිව වම් පසට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම් දී ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම නෞකාව වෙත වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යවා තිබේ. අනතුරුව නාවික යාත්‍රා මගින් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමෙන් පසු කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නිරුපද්‍රිතව බේරා ගනු ලැබූ නාවිකයින් පිරිස අතරට ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ ඉන්දුනීසියා ජාතිකයෙකු අයත් ය. නෞකාවේ කපිතාන් ශ්‍රී ලාංකිකයෙකි. නෞකාවේ හිමිකරු ඉන්දීය ජාතිකයෙකු වන අතර නාවිකයින් පිරිස කොළඹ වරාය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. නෞකාව අනතුරට ලක් ව ඇත්තේ, කොළඹ වරායේ සිට මාලදිවයින බලා යාත්‍රා කරමින් තිබියදීයි. නෞකාව තාර ප්‍රවාහනය කරමින් තිබූ එකක් බව ද නාවික හමුදාව සඳහන් කළේ ය.
ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය