by Staff writer 23-06-2018 | 2:01 PM
COLOMBO (News 1st) - සිය වැඩ වර්ජනය සඳහා ක්ෂේත්‍ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, එම වෘත්තීය සමිතිවල ද සහයෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.
මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට රජය විසඳුම් ලබා දී ඇතැයි තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දී සිටියදීත් මෙලෙස වර්ජනයේ නිරත වීම සාධාරණ නොවන බව ය.