.webp)
අමාත්‍යවරයා බව සඳහන් කළේ, අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදු දීම සඳහා ඇති කරගත් මූලික ගිවිසුම අනුව මීට පෙර චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට 80 %ක කොටස් හිමි වූ අතර ශ්‍රී ලංකා රජයට හිමිව තිබුණේ, 20% ක ප්‍රතිශතයක් පමණි. මේ අතර හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් කොටස් මුදල ලෙස අමරිකානු ඩොලර් මිලියන 584 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ නිවේදනය කළේ ය. මෙහි පළමු හා දෙවන වාරිකයන් ලෙස පසුගිය වසරේ දෙසැම්බර්දී අමෙරිකානු ඩොලර් මිලියන 392 ක් සහ මෙම වසරේ ජනවාරි මස අමෙරිකානු ඩොලර් මිලියන 97 වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදුන්නේ ය. ඒ සම්බන්ධව ද අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළේ ය."අපි සමත් වුණා. චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමත් එක්ක සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයෙත් අනුමැතිය ලබාගෙන අපේ කොටස වැඩි කරගන්න 30.6%කට. එතකොට චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට අර තිබු 80% අඩු වුණා තවත් 10.6%කින්. අපි නැවත වරක් සමත් වුණා. චයිනා මරචන්ට් සමාගමින් එකඟතාවය ලබාගන්න ඉතිරි අමෙරිකන් ඩොලර් මිලියන 146 මාසයක් ඇතුළත ගෙන්න ගන්න සෘජු ආයෝජනයක් හැටියට"
මේ අතර හම්බන්තොට වරාය දූපත පිළිබඳව පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ, එහි විනෝදාංශ සඳහා කැසිනෝ පිහිටුවීමේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි."මේ අවසන් කාර්තුව ඊයේ ගෙවීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 584ක් භාණ්ඩාගාරයට යනවා කියන්නේ අපේ විදේශ සංචිතය වැඩිවෙනවා . රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙන්නේ නැතුව ඒක පාලනය කිරීමේ මූල්‍ය හැකියාව මහ බැංකුවට ලැබෙනවා.. මේ මුදල මහ බැංකුවත් භාණ්ඩාගාරයත් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා"
ගිවිසුමේ එකඟතා අනුව 99 අවුරුද්ද තුළදී ම නාවික හමුදාව වරාය තුළ සිටිනු ඇති බව ත් නාවික හමුදාවේ ඇතැම් නැව්වලට ජැටිය වෙත ළඟා වීමට නොහැකි බැවින් වරාය අධිකාරිය සමග එක්ව නාවික හමුදාව ඒ සඳහා ජැටියක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කරමින් සිටින බව ත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය."සමහරු කිව්වා පත්තරවල මේ දූපත විනෝදාංශ සඳහා කැසිනෝ එහේ පිහිටුවන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා සී එම් පෝර්ට්ස් සමාගම එවැනි දෙයක් කිසිම අවස්ථාවකදී සාකච්ඡා වුණේ, නැහැ. එම සමාගමෙත් එකඟතාවය මත ඡේදයක් ඇතුල් කළා එහි පැහදිලිව තියෙනවා. මැරීන් රිලේටඩ් කටයුතුවලට පමණයි කියලා මේ දූපත පාවිචිච් කරන්න ඉඩකඩ තියෙන්නේ කියලා.."
"නාවික හමුදාව හම්බන්තොට වරාය තුළ සිටීම තවදුරටත් ගිවිසුමේ එකගාත අනුව කරලා තියෙනවා... අවුරුදු 99 කාලය තුලදී එතනින් ඉවත් වෙන්නේ නැහැ"