චන්දිමාල්ගේ පැන වූ තහනමට එරෙහිව අභියාචනයක්

චන්දිමාල්ට පැන වූ තහනමට එරෙහිව ICCයට අභියාචනයක්

by Sagarika Chathumali 21-06-2018 | 7:46 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කරනු ලැබූ තරග තහනමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය. ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, චන්දිමාල් කිසියම් රස කැවිලි වර්ගයක් යොදා ගනිමින් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගත් බවයි. එ පිළිබඳව කළ පරීක්ෂණයෙන් අනතුරුව අදාළ වරදට චන්දිමාල්ට දඬුවම් නියම කිරීමට කවුන්සිය තීරණය කළේ ය. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මෙම දඬුවමට අභියාචනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ නමුත් අභියාචනය සලකා බැලීම වෙනුවෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඉදිරියේ දී විශේෂ කමිටුවක් පත් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.