බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නි. ඇමති ධූරයට

බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නි. ඇමති ලෙස දිවුරුම් දෙයි

by Staff writer 19-06-2018 | 6:23 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 2010 මහ මැතිවරණයෙන් වර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ බුද්ධික පතිරණ මහතා එතැන් සිට අඛණ්ඩව පාර්ලිමේන්තු නියෝජනයට ජනතා වරම් හිමි කර ගත්තේ ය. සිය දේශපාලන ගමන් මග පුරාවටම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නැගු බුද්ධික පතිරණ මහතා මහජන නියෝජිතයින්ගේ ජනතා සේවය ප්‍රායෝගිකවම ප්‍රකට කළ මන්ත්‍රීවරයෙකි.