by Staff writer 15-06-2018 | 11:03 AM
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවේ සිට කුරියර් සේවාව හරහා මෙරටට එවන ලද හූනන් විශේෂයකට අයත් සතුන් 32 දෙනෙකු රේගු භාරයට ගෙන තිබේ.
රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, පරිගණක උපාංග තුළ බහා මෙම සතුන් තොගය සූක්ෂම ලෙස කළුතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් වෙත එවා ඇති බව ය.
මෙරටට ආවේණික නොවන හූනන් විශේෂයකට අයත් එම සතුන් 32 දෙදෙනා පිළිබඳව මේ වන විට රේගුවේ ජෛව විවිධත්ව ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එම සතුන් හානිකර මෙන් ම ආක්‍රමණශීලී සත්ත්ව විශේෂයක් විය හැකි බවට සැක කරන බව ය.