නෙබියුලයිස් කිරීමට යොදා ගන්නා දියරයේ විෂබීජ

නෙබියුලයිස් කිරීමට යොදා ගන්නා දියර ඖෂධ නියාමන අධිකාරියට

by Staff writer 13-06-2018 | 5:31 PM

COLOMBO (News 1st) - රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ නෙබියුලයිස් කිරීමට භාවිත කරන දියරයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවා ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග එම පියවර ගත් බවයි. නෙබියුලයිස් කිරීම සඳහා භාවිත කරන එම දියරය වෙනුවට මේ වනවිට ආදේශක භාවිත කරන බව ද ඔහු සඳහන් කළේ ය. වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ, කඩිනමින් ඒවා මිලදී ගෙන වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි. කරාපිටිය සහ රිජ්වේ ආර්යා ළමා රෝහල්වල සිදුකළ පරීක්ෂණවලදී අදාළ දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග ඊයේ සිට එය රජයේ රෝහල්වල භාවිතය තහනම් කෙරිණි. අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ පකිස්ථානයෙනි.