by Staff writer 05-06-2018 | 3:08 PM
COLOMBO (News 1st) - නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තුවට නම් දෙකක් යෝජනා විය.
ආණ්ඩු පක්ෂයෙන් ඒ සඳහා යෝජනා කළේ, ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයායි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ නම ඒ සඳහා යෝජනා විය.
ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය.