ලබන 6 වන දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන 6 වන දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

by Staff writer 02-06-2018 | 5:06 PM
COLOMBO (News 1st) - ලබන 6, 7 සහ 8 යන දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින කාලගුණ තත්ත්වයත් සමග යළිත් රෝගය උත්සන්න වීමේ අවදානමක් පවතින බව ය. ඒ හේතුවෙන් තෝරා ගත් දිස්ත්‍රික්ක 10ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමරවීර මහත්මිය සඳහන් කළා ය. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 21,000ක් වාර්තා වී ඇති අතර ඩෙංගු වැළඳීමෙන් මිය ගිය සංඛ්‍යාව 20කි.