දිස්ත්‍රික් 5කට නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන

දිස්ත්‍රික් 5කට නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන

by Sagarika Chathumali 27-05-2018 | 5:28 PM
COLOMBO (News 1st)  : නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගතවු පැය 24 තුළ එම ප්‍රදේශ වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. දිස්ත්‍රික්ක පහේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්... රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරළඑළිය දිස්ත්‍රික්කය අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඩවත්සතර කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය