71 වැනි කෑන්ස් සිනමා උළෙල

අතිඋත්කර්ෂවත් අයුරින් පැවති 71 වැනි කෑන්ස් සිනමා උළෙල

by Chathuranga Rajapaksha 20-05-2018 | 8:04 AM

(News 1st) - ප්‍රංශයේ 71 වැනි කෑන්ස් සිනමා උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය.

රතු පලස මතින් සිනමා තරු උත්සව භූමියට ප්‍රවේශ වීමත් සමග සම්මාන උළෙල ආරම්භ වුණේ අවසන් වටයට තේරී පත්ව සිටි සිනමාකරුවන් 18 කුගේ හද ගැස්ම තීව්‍ර කරමිනි. ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි කේට් බ්ලැන්චට්ගේ සභාපතිත්වයෙන් යුත් මෙවර කෑන්ස් සිනමා උළෙලේ ජූරිය, සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත විය. මෙවර කෑන්ස් සිනමා උළෙලේදී වසරේ හොඳම සිනමා පටය සදහා පිරිනමන පැල්ම්ඩි ඕ සම්මානයෙන් පිදුම් ලැබුවේ ජපාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ හිරෝකාසු කොරේඩාගේ ෂොප්ලිෆ්ටර්ස් සිනමා පටයයි. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/caans-online-audio-converter.com_.mp3