COLOMBO (News 1st) -අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 6.56 % වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය දුන් අවසරය පිළිබඳව පෞද්ගලික බස් හිමියන් අප්‍රසාදය පළ කරති.
ඔවුන් පැවසූවේ, 20 % ක ගාස්තු වැඩිවීමක් නොමැති නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනය නොකරන බවයි.
අද පෙරවරු 11.00 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් සාකච්ඡාවක් ආරම්භ විය.
ඒ, ජනාධිපති ලේකමි කාර්යාලයේදී යි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් සහභාගී සිටිය හ.
අද පැවති රැස්වීමේදී ඩීසල් මිල වැඩිවීම හා අනෙකුත් කරුණු සලකා බලා බස් ගාස්තු වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, අශෝක අබේසිංහ,
ඒ කැබිනට් පත්‍රිකාව අනුව 6.56 %කින් ඉහළ යාමට තීන්දු කරලා තියෙනවා. අවම බස් ගාස්තුව වැඩිවෙලා නැහැ. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා. පෞද්ගික හා ලංගම බස් රථවලට මෙම මිළ ඉහළ යාම බලපානවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න,
ඇත්තෙන්ම 6.5 කට අපිට ඒකඟ වෙන්න බැහැ බස් කර්මාන්තකරුවන් විදිහට මේ බස්ගාස්තුව සම්බන්ධව අපි තව අවුරුද්දක් බලන්න ඉන්න ඕනි. යම් ආකාරයට තව රුපියල් 6ක් 7කින් ඩිසල් වැඩි වුනොත් අපිට ඒක දරාගන්න සිද්ද වෙනවා. මේ පැහැදිලිවම ජාතික ගමනාගමන කොමිෂම අපිට කරපු කේනෙහිලිකමක් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේහි වගකීම සම්පුර්ණයෙන්ම නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා භාර ගත යුතුයි. අපිට දොස් කියන්න එපා. ඒ පිං අමාත්‍යවරයා අපිට කරලා තියෙන කේනෙහිලිකම්වලට අපිට බස් ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. මේ 17 වැනිදා සිට.
පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ සභාපති, සරත් විජිතකුමාර,
මේ කියන බස් ගාස්තුවට අපි කැමති නැහැ අඩු තරමේ 15% කින්වත් වැඩි වෙන්න ඕනි එතකන් අඛණ්ඩ වර්ජනයකට යනවා. බදාදා මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ කිසිම බස් රථයක් ධාවනය වෙන්නේ නැහැ.
පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ, සම්පත් රණසිංහ,
මේ අවස්ථාවේ බස් කර්මාන්තය තියෙන්නේ හතර ගාතේන් වැටිලා. ආයෙත් නැගිටින්න බැරි විදිහට වැටිලා තියෙන බස් කර්මාන්තය වල පල්ලට යවන්න තමා මේ රජය උත්සාහ කරන්නේ. රජයේ නාස්තිකාර වියදම් වහගන්න බස් හිමියන් මත බර පටවන්න හදනවා. ඒ ක්‍රමවේදයට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි.
පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ ලේකම්, අංජන ප්‍රියන්ජිත්,
20% ක බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශයි. අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කරන්න ඕනිමයි. ඒහේම නැත්නම් අපි පෙර කිවා සේ 16 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පසු සමස්ත බස් හිමියන් ධාවනයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අඛණ්ඩ බස් රථ වර්ජනයකට යනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, අශෝක අබේසිංහ,
පුද්ගලික් බස් රථ වර්ජනයක ගියොත් අපිට කඩිනමින් ගන්න තියෙන ක්‍රිය මාර්ග තමා ලංගම බස් රථවල රියැදුරු කොන්දොස්තරලාගේ නිවාඩු අවලංගු කරලා. අපේ තියෙන සියලුම බස් රථ ධාවනයේ යෙදවීම සහ අතිරේක දුම්රිය ධාවනයට යෙදවීම. තමා අපි ක්ෂණිකව ගන්න තියෙන ක්‍රියාමාර්ග ඊට පසුව අපි ඔවුන් සමග සාකච්ජාවට යනවා.