by Hashini De Mel 15-05-2018 | 6:12 PM
COLOMBO (News 1st) - ලූණු සහ අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
එම අමාත්‍යංශය සඳහන් කළේ, අර්තාපල් සහ ලූණු ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා සරිලන මිලක් ලබාදීම මෙහි අරමුණ බවයි.
මේ අතර බීජ ලූණු වශයෙන් මෙක්ට්‍රික් ටොන් 7000 ක් පමණ මිලදී ගැනීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.