ඇඹිලිපිටියේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයෙකුට තුවාල

ඇඹිලිපිටියේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයෙකුට තුවාල

by Hashini De Mel 07-05-2018 | 6:45 AM

COLOMBO (News 1st) - ඇඹිලිපිටිය, කොළොන්න බුලුතොට ප්‍රදේශයේ ඊයේ රාත්‍රි 9.00 ට පමණ විදුලි කාන්දුවකින් අනතුරුව සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීමෙන් වෙළෙඳසැල් දෙකක් හා නිවසකට හානි වී තිබේ. එම ස්ථානයේ ගාල්කර තිබූ ගොඩකවෙල ඩිපෝවට අයත් බස් රථයකට හා එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථයකට ද හානි සිදු විය. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය පැවසූවේ, විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇතිබවට සැක කෙරෙන බවයි. අද දිනයේ ද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ගෙන්වා පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.