ද. ආසියාවේ මාධ්‍යවේදීන් 33 කට ජීවිත අහිමි වෙයි

වසරක් තුළ ද. ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනය වෙයි

by Hashini De Mel 02-05-2018 | 4:09 PM

COLOMBO (News 1st) - 2017 වසරේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ දකුණු ආසියානු කලාපය පුරා මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනයට ලක් විය.

ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයක් වන IFJ සංවිධානය ප්‍රකාශ කළේ, ඒ අතරින් මාධ්‍යවේදීන් 22 දෙදෙනෙකුම ඇෆ්ඝනිස්ථානයේදී ඝාතනයට ලක් ව ඇති බවයි. ඒ අනුව දකුණු ආසියාව ලොව මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම කලාපය බවට පත් ව ඇති අතර මෙම තත්ත්වය වැලැක්වීමට කලාපීය රටවල් කඩිනම් පියවරගත යුතු බව ද එම සංවිධානය අවධාරණය කළේ ය.