ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

by Hashini De Mel 01-05-2018 | 10:11 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පී, සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි. සී. ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි. දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ දායකත්වයෙන් සිදු කරන බව එහි සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් ක‍ළේ ය.