සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේලා  වැඩම කරවීම

සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සර්වඥ ධාතූන් වහන්සේලා 3වන දිනට වැඩම කරවීම ඇරඹේ

by Chathuranga Rajapaksha 28-04-2018 | 10:48 AM
COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ සැදැවතුන්ගේ පුද පූජාවන් වෙනුවෙන් තැන්පත් කිරීම සදහා සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමේ අද තුන්වන දිනටත් සිදුවේ. මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවනු ලැබේ. ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ මහ සාගරය ඔස්සේ සිරස - යූනියස් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම සිදුවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරක්ෂා නෞකාව මගිනි. සිරස – යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය හෙට සිට ලබන මැයි 01 වනදා දක්වා පුරා දින 3ක් පුරා කොළඹ 02, බේබෘෘක් පෙදෙස සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1928080420585540/