දන්සල් සංවිධානයේදී මේ ගැන ත් හිතන්න..

දන්සල් සංවිධානයේදී මේ ගැන ත් හිතන්න..

by Sagarika Chathumali 23-04-2018 | 12:40 PM
COLOMBO (News 1st)  : වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් සංවිධානයේදී අනුගමනය කළ යුතු නිර්ණායක 6 ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසුවේ, දන්සල් සඳහා ජනතාව කැඳවීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකර ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කළ යුතු බවයි. 01. දන්සල් පැවැත්වීමේදී ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා හා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතුයි. 02. ආධාර එකතු කිරීමේදී ප්‍රදේශයේ විහාරාධිපති හා ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය ලබා ගත යුතු අතර මහජනතාවට පීඩාවන ආකාරයට ඝෝෂාකාරී සංගීතය යොදා ගැනීම තහනම් 03. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර පිළියෙල කිරීම 04. දන්සල් සඳහා බෞද්ධ කොඩිය භාවිත නොකිරීම 05. දන්සල්වලදී මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කිරීම තහනම් කිරීම 06. සැදැහි සිතින් හා ආචාරශීව දන්සල් පැවැත්වීම