නව ශ්‍රී ලංකා වාර්තාවක්

මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

by Chathuranga Rajapaksha 14-04-2018 | 3:00 PM
COLOMBO (Newsfirst) - මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී 6 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගය නිමා කළ අතර ඔවුන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 39.08කි. එම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රවු, විනෝද් ද සිල්වා සහ හිමාෂ ඒෂාන් තරග වැදුණේය.