රුපියල් ලක්ෂ 07ක මුදලක් වංචා කළ කතක් අත්අඩංගුවට

සයිප්‍රසයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

by Staff writer 11-04-2018 | 1:46 PM
COLOMBO (Newsfirst) - සයිප්‍රසයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ, සැකකාරිය සයිප්‍රස් රාජ්‍යයේ රියැදුරු රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබාගෙන පුද්ගලයෙකු සයිප්‍රස් රාජ්‍ය වෙත යවා ඇති බව ය. එහිදී පොරොන්දු වූ රැකියාව නොලැබීම හේතුවෙන් එම පුද්ගලයා යළි දිවයිනට පැමිණ මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, මැඩියාව හන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.