COLOMBO (News 1st) - බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් නීතිපතිවරයාට අධිකරණ ක්‍රියාමාර්ගගත හැකි බව නීති විශාරධයින් පෙන්වා දෙනු ඇත.
මේ ඒ මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව යළි මතක් කිරීමකි...
2017 දෙසැම්බර් 30
බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාර දෙයි.
වංචා කළ මුදල් අයකරගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් පියවර ගන්නැයි නිර්දේශ.
2017 ජනවාරි 23
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
2017 පෙබරවාරි 06
කොමිෂන් වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්.
පෙබරවාරි 20 සහ 21 අතිරේක දින දෙකක් ලෙස නම් කරයි.
2017 පෙබරවාරි 20
දෙමළ පරිවර්තනයක් නොමැති නිසා විවාද කළ නොහැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්ගෙන් විරෝධයක්.
පරිවර්තනය සකස්කරන තෙක් විවාදය කල් යයි.
2017 මාර්තු 21
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්.
චෝදනා 14 න් 11 ක්ම බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන්.
2017 අප්‍රේල් 05
අගමැතිවරයා විශ්වාසභංගය ජය ගනියි, දෙමළ ජාතික සන්ධානයත් සහය දෙයි.
2017 පෙබරවාරි 04
මහබැංකු අධිපතිවරයාගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණට කරුණු දැක්වීමෙන් පසු පර්පෙචුවෙල් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අත්අඩංගුවට.
2017 මාර්තු 29
මහ බැංකුවේ හිටපු අධිපති අත්අඩංගුවට ගැනීමටත් වරෙන්තු, රතු නිවේදනයකුත් ඉල්ලයි.
එහෙත්
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කර මාස 3 ක් ඉක්ම යයි.
කොමිෂන් වාර්තාව පදනම්කර ගෙන නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?
ජ්‍යේෂ්ඨ නීතිඥ, ගෝමින් දයස් ශ්‍රී,
පාර්ලිමේන්තුවට යැවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නීතිමය වශයෙන් මේ ගැන ක්‍රියාත්මක කිරීමේ බලය රජයට තිබෙනවා. රජය කළ යුත්තේ දැනටමත් මේ සම්බන්ධයෙන් චෝදනා ගණනාවක්ම පාර්ලිමේන්තුවේ සාකච්චා වී ඇති හෙයින් පාර්ලිමේන්තුවට නැවත යෝජනාවක් වශයෙන් ගේම වගේම මං හිතන්නෙ කල් ගෙවීමේ කල්ගත කිරීමේ හා හැකිනම් අමතක කිරීමේ වෑයමක්. ඒ නිසා අපි යටත් නොවී මෙය අපි අමතක නොකර සීඝ්‍රව ආණ්ඩුවට කියන්න ඕන වැරදි කරුවන්ට චෝදනා කර රජයට අහිමි වූ මුදල වහාම ලබා ගන්නැයි කියලා. මෙය දැනට ඇති වරදවල්වලට සම්බන්ධ කර හැකිනම් නීතිපති දෙපාර්තමේන්තුවට මං හිතන්නේ නඩුවක් පවරලා වරදකරු කලාට පස්සෙ පමණක් දඬුවමට යොමු කිරීමේ බලය තියනවා.