රත්නපුර බස් රථ සේවක වර්ජනයක්

රත්නපුර බස් රථ සේවක වර්ජනයක්

by Chathuranga Rajapaksha 01-04-2018 | 2:46 PM
COLOMBO (Newsfirst) - රත්නපුර නගරයෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන බස් රථ සේවකයින්ට පහරදීමක් සිදුකර ඇති බව ය. ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය.