by Hashini De Mel 27-03-2018 | 5:49 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් නිකුත්කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 06 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.
එම අතරු තහනම් නියෝගය අහෝසි කරන්නේද නැද්ද යන නියෝගය ලබන 05 වන දා නිකුත් කරන බව ද අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල අද දැනුම්දී ඇත.
තංගල්ල වීරකැටිය ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ දේපොළ භාවිතා කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට එරෙහිව නීතිමය පියවර ගැනීමට දරන උත්සහය වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු අභියාචානාධිකරණය පසුගිය නොවැම්බර් 29 වන දා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබුණි.