යකඩ කිලෝ 7000 සොරා ගත් චීන ජාතිකයා දැලේ

යකඩ කිලෝ 7000 සොරා ගත් චීන ජාතිකයා දැලේ

by Hashini De Mel 24-03-2018 | 11:32 AM

COLOMBO (News 1st) - ඉදි කෙරෙමින් පවතින මාතර - හම්බන්තොට අධිවේගි මාර්ගයේ යකඩ සොරා ගත් චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් පිරිසක් වැලිවිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකිනි. සැකකරුවන් සතුව තිබී සොයා ගත් යකඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7000 කි. යකඩ තොගය ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සුරියවැව පොලිස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.