දෙමාපිය අවධානය ගිලිහුණු මොහොතේ මල් කැකුළකට වුණ දේ

මොහොතකට ගිලිහුණු දෙමව්පිය අවධානය නිසා මල් කැකුළකට අත්වූ ඉරණම

by Staff writer 23-03-2018 | 2:12 PM
COLOMBO (Newsfirst) -  දෙමාපිය අවධානයෙන් ගිලිහිණු ඇසිල්ලක් වුවද කුඩා දරුවකුට මහා විපතක් ගෙන දිය හැකි යි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩා දැරියක නිවසේ තිබූ බංකුවකින් ඇද වැටී මිය ගොස් තිබේ. අවුරුදු 3යි මාස 4ක් වූ ළහිරුණී මේධාවී නම් පුංචි සිඟිත්තිය පදිංචිව සිටියේ, ඇස්වත්ත උතුර ග්‍රාමයේ ය. ඊයේ මේ පුංචි සිඟිත්තිය මව රෙදි සෝදමින් සිටි අවස්ථාවේ බංකුව මතට වී ඉඳ තිබේ. බංකුවේ ඇති උස පුංචි දැරියට අවදානමක් බව මවට නොසිතෙන්නට ඇති. හදිසියේම පුංචි ළහිරුණී ඉඳ සිටි බංකුවෙන් බිමට ඇද වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, දරුවා කඩිනමින් අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර පසුව රෝහල් බලධාරීන් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති බව ය. එහෙත් දැරියගේ දිවි බේරාගත නොහැකි විය. නිවසේ, මගතොටේ සෑම තැනකම කුඩා දරුවන්ට ඇති අවදානම ගැන දෙමාපිය අවධානය නිරන්තරයෙන්ම යොමු විය යුතු බව නැවත නැවතත් මතක් කරමින් ඊයේ රාත්‍රියේ ඇය සදහටම දෙනෙත් පියා ගත්තා ය. https://www.youtube.com/watch?v=tsAjjs_vsDE