COLOMBO (Newsfirst) - ගිය සතියට සාපේක්ෂව මේ සතියේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි.
එහි මෙහෙයුම් කාර්යාලය පැවසුවේ ලීක්ස්, කැරට්, මාළු මිරිස්, රාබු, නොකෝල්, වැටකොළු, වම්බටු. දෙහි, දඹල, එළ බටු සහ තිබ්බටු වැනි එළවළු වල මිල ඉහළ ගොස් ඇති බව ය.
උත්සව සමය ආසන්න වනවිට ත් එළවළු මිල ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි.
ඉල්ලුම සහ සැපයුම අනුව එළළුව මිල ගණන් තීරණය වන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාර්යාලය වැඩි දුරට ත් සඳහන් කළේය.
