අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Hashini De Mel 19-03-2018 | 6:27 PM

COLOMBO (News 1st) - අතුරුගිරිය ඔරුවල ගල්වරුස ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරුපැදියක යමින් සිටියදී තව ත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට පුවක්දෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් ය. ඝාතකයින් පිළිබඳ හෝ ඝාතනයට හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණවී නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/1881527595240823/