by Hashini De Mel 18-03-2018 | 9:26 PM
COLOMBO (News 1st) - තලවතුගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථය පැදවූයේ කවුරන් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකිවී ඇතැයි පොලීසිය පවසා තිබේ.
අද සන්ඩේ ටයිම්ස් පුවත්පත ද එම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ, වාර්තාවන පරිදි මෙම මෝටර් රථය, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු මෙන් ම කැබිනට් අමාත්‍යවරයකු ද වන අයකුගේ පුතෙකු විසින් පදවා ඇති බව ය.
නමුත් මේ වනතෙක් වාහනයේ නිශ්චිත හිමිකරුවකු හෝ රියැදුරු පොලීසියට ඉදිරිපත්වී නොමැත.
මෙතරම් අධික මිලකින් යුතු අතිසුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක් වූ පසු එම ස්ථානයේ ම දමාගොස් මෙතෙක් හිමිකරුවෙකු සොයා ගැනීමට නොහැකිවීම ගැටලුවකි.
මේ අතර අනතුරට පත් මොටර් රථය පැදවුයේ, තමාගේ ඥාතියෙකු බව පවසා උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පස්වරුවේ නිවේදයක් නිකුත් කළේ ය.
https://www.youtube.com/watch?v=hV9Ugxx2Aio