by Staff writer 17-03-2018 | 7:04 AM
COLOMBO (Newsfirst) - පොළොන්නරුව බන්ධනාගාරය තුළදී රැඳවියෙකු හදිස්සියේ මිය යාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේදී ඔහු බන්ධනාගාරය තුළ ගෙල වැළලාගෙන සිටියදී පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ය.
එලෙස මිය ගොස් ඇත්තේ, මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය.