පළාත් පාලන සභික නාම ලේඛන ගැසට් පත්‍රය අද මුද්‍රණයට

පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද මුද්‍රණයට

by Hashini De Mel 15-03-2018 | 7:29 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද දිනයේ මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලය පවසා තිබේ.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂාවන්ගේ එය මුද්‍රණය කරන බවයි. ගැසට් පත්‍රයේ සෝදු පත් බලා මැතිවරණ කොමිසම ඊයේ දිනයේ මුද්‍රණාලය වෙත භාරදුන් බව ද ඇය සඳහන් කළා ය. ඒ අනුව මාර්තු 09 වන දා දිනයෙන් ගැසට් පත්‍රය නිකුත් කරන අතර සභිකයින් 8356 ක නම් එහි ඇතුළත් වේ. https://www.youtube.com/watch?v=mw52w6BUHp8