by Hashini De Mel 15-03-2018 | 12:25 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජපාන ශ්රී ලංකා සබඳතා නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන බව ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා පවසා තිබේ.
ජපාන අගමැතිවරයා මේ බව සඳහන් කළේ, එරට සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ටෝකියෝ නුවර අග්රාමාත්ය කාර්යාලයේදී පැවති විශේෂ රාත්රී භෝජන සංග්රහයේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජපාන අග්රාමාත්යවරයා පැවසුවේ, දෙරට අතර සබඳතා ශක්තිමත් මිත්රශීලි මෙන් ම විශ්වසනීයත්වයෙන් ඉදිරියට යන බවයි.
ජනාධිපතිතුමා සඳහන් කළේ, පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී දෙරට අතර ආයෝජන හා සහයෝගිතා වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වූ බව ය.
ජපානය සෑම විටම ශ්රී ලංකාවේ අවංක මිතුරෙකු ලෙස කටයුතු කරන අතර ඉදිරියේදී සෑම ක්ෂේත්රයක් තුළින් ම එය වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එම උත්සවයේදී සඳහන් කළේ ය.