home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජනපති ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී
by Chathuranga Rajapaksha
10-03-2018 | 6:23 PM
COLOMBO (Newsfirst) - ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හෙට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරටට ළඟාවිය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ෂාම් මහත්මිය විසින් ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා මහත් හරකසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද තානාපති කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම් කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමාගේ මෙම දෙදින නිල සංචාරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/1870303209696595/
වෙනත් ලිපි
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය