පිය - පුතු ගැටුමකින් පුත්‍රයා මරුට

බගවන්තලාව, බොගවාන වතු යායේ පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ ගැටුමකින් පුත්‍රයා මරුට

by Staff writer 09-03-2018 | 1:17 PM
Colombo (Newsfirst) - බගවන්තලාව, බොගවාන වතු යායේ ඊයේ රාත්‍රියේදී පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ ගැටුමකින් පුත්‍රයා මිය ගොස් තිබේ. නිවස තුළ සිදුවූ පුද්ගලික ආරවුලක් මත මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 43කි. බගවන්තලාව පොලීසිය නිවසේ සිටි පියා සහ බෑනාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෘත දේහය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව ය. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.