II වන ලෝක යුද සමයේ සුන්බුන් මහමුහුදෙන් මතුවෙයි

II වන ලෝක යුද සමයේ සුන්බුන් මහමුහුදෙන් මතුවෙයි

by Sagarika Chathumali 06-03-2018 | 12:30 PM

II වන ලෝක යුද සමයට අයත් ගුවන් යානා හාරක නෞකාවක සුන්බුන් කොටස් සොයාගෙන තිබේ. දෙවන ලෝක යුද සමයේදී මුහුදුබත් වූ මෙම අමෙරිකානු ගුවන් යානා හාරක නෞකාවේ කොටස් හමුවී ඇත්තේ, ඔස්ට්‍රෙලියානු මුහුදු කලාපයෙනි.

යූඑස් එස් ලෙක්සින්ග්ටන් නමැති මෙම නෞකාවේ සුන්බුන් හම වී ඇත්තේ,  ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර මුහුදු තීරයේ සිට කිලෝමීටර 800ක දුරින් කිලෝමීටර 3ක පමණ ගැඹුරු මුහුදු පතුලේයි. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, මීට අවුරු 76කට පෙර එනම් 1942 වසරේ මැයි මස 4 ත් 8ත් අතර දිනකදී ඔස්ට්‍රේලියාවේ කොරල් මුහුද ප්‍රදේශයේ පැවති සටනකදී අතුරුදන් ව ඇති බවයි. එම ගැටුම්වලින් 200කට අධික කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නෞකාවේ සුන්බුන් සොයා ගනු ලැබ ඇති අතර අමෙරිකානු නාවික හමුදාව එහි නිරවද්‍යතාවය තහවුරු කර තිබේ.