අයහපත් කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්

අයහපත් කාලගුණයෙන් අමෙරිකාවේ ඔහායෝ නිම්නය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවෙයි

by Staff writer 28-02-2018 | 2:33 PM
(Newsfirst) - අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ඔහායෝ නිම්නය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙන්ටකි, ටෙනසි ඇතුළු ප්‍රදේශ රැසක ජන ජීවිතය මේ හේතුවෙන් අඩාල වී ඇති බව ය. ප්‍රදේශයේ සහන සේවා ඒකකය බෝට්ටු මාර්ගයෙන් ජලයෙන් යටවී සිටින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම සති අන්තය වන විට ඔහායෝ ගංගාවේ ජල මට්ටම අඟල් 2 සිට 4 දක්වා තවදුරටත් ඉහළ නගිනු ඇති බව ය. මේ වන විට ඔහායෝ නිම්නය ආශ්‍රිතව ඇති ප්‍රදේශවල ජනතාවට ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.