by Hashini De Mel 25-02-2018 | 12:46 PM
COLOMBO (Newsfirst) - දකුණු අප්‍රිකාව සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය, ඉන්දියාව තරග 2 ට 1 ක් ලෙස ජය ගෙන තිබේ.
ඒ දෙරට අතර පැවැති අවසන් තරගය ලකුණු 7 කින් ජය ගනිමිනි.
කේප් ටවුන් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කළේ ය.
එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 165 ක් පමණි.