by Hashini De Mel 21-02-2018 | 5:49 PM
COLOMBO (Newsfirst) - 2018 ජනවාරි මාසයේ ලක්ෂමය උද්ධමනය 5.4% ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂමය උද්ධමනය 7.3% ක් ලෙස වාර්තා වූ බවයි.
2017 වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ අවම උද්ධමනය වාර්තා වූයේ ද මේ වසරේ ජනවාරි මාසයේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එළවළු, අමුමිරිස්, පොල්, රතුළූණු, සහල්, දෙහි, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම ද උද්ධමනය අඩුවීමට බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.