by Sagarika Chathumali 21-02-2018 | 7:25 PM
COLOMBO (Newsfirst) : නව හැවිරිදි පාසල් දැරියක දූෂණය කළ යාපනය, කයිට්ස්හි විදුහල්පතිවරයයෙකුට යාපනය මහාධිකරණ විසින් අවුරුදු 10ක බරපතළ වැඩ සිහිත සිරදඬුවමක් නියම කරනු ලැබ තිබේ.
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචෙලියන් අද මෙම නියෝගය නිකුත් කළේ ය.
අදාළ විදුහල්පතිවරයාට රු. 10,000ක දඩයක් ද නියම කරමින් විනිසුරුවරයා නියෝග කළේ, අදාළ දඩය ගෙවීමට නොහැකි නම් සිර දඬුවම තවත් මසකින් දීර්ඝ කරන ලෙසයි.
මීට අමතරව අදාළ දැරියට ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා අදාළ විත්තිකරුට නියෝග කළේ ය.
එම වන්දි මුදල නොගෙවන්නේ නම්, ඔහුට එරෙහි බරපතළ වැඩ සහිත දඬුවම තවත් අවුරුදු 2කින් දීර්ඝ වනු ඇති.
2009 වසරේ නොවැම්බර් දිනකදී අදාළ විදුහල්පතිවරයා සිය කාර්යාලය තුළදී අදාළ සිසුවියට ලිංගික අතවර කර තිබිණ.