ත්‍රිකුණාමලයේදී දුම්රියට පහර දුන් 4ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී දුම්රියට පහර දුන් 4ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 21-02-2018 | 7:28 PM

COLOMBO (Newsfirst : )ත්‍රිකුණාමලය, පාලෙයිඋත්තු ප්‍රදේශයේදී දුම්රියකට පහර දී හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වර්ජන තීරණයක සිටි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දෙඩංගොඩ මහතා පැවසුවේ, අද රාත්‍රියේ සිට දුම්රිය ගමන්වාර යථා පරිදි සිදු කිරීමට තීරණය කළ බවයි. ත්‍රිකුණාමලය පාලෙයිඋත්තු ප්‍රදේශයේදී කාන්තාවක දුම්රියේ ගැටීමෙන් පසු ඊට විරෝධය පළ කළ පිරිසක් පිරිසක් රාත්‍රි තැපැල් දුම්රියට පහර දී තිබිණ. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පැවසුවේ, දුම්රියේ රියැදුරු හා සහයකයා සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය එන්ජිමට රුපියල් ලක්ෂ එක හමාරක පමණ හානියක් සිදුව ඇති බවයි. පැය දෙක හමාරක ප්‍රමාදයකින් පසු ඊයේ රාත්‍රි එම දුම්රිය කොළඹට ළඟා වී තිබිණ. පහරදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන් අද උදෑසන සිට ත්‍රිකුණාමලය හා ගල්ඔය අතර දුම්රිය ධාවනයෙන් ඉවත් වු අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිද්ධියට සම්බන්ධ පිරිස වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසයි. ත්‍රිකුණාමලය පොලීසිය සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා වර්ජන තීරණය වෙනස් කළ බව සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසී ය. මේ වන විට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට අරන් තියෙනවා කියලා පොලීසිය දන්වලා තියෙනවා. ඒ අනුව අද රාත්‍රියේ තැපැල් දුම්රියේ සිට දුම්රිය ධාවන කටයුතු නැවත සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නීතිවිරෝධී යැයි, මහජනතාව තරයේ සිහි තබා ගත යුතු බවයි.