by Sagarika Chathumali 21-02-2018 | 6:06 PM
COLOMBO (Newsfirst) : ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව ජලාශවල ජල මට්ටම කළමනාකරණය කර ගනිමින් වගා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වැඩ සටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව විමසා බැලීමේ සාකච්ඡාවට එක්වෙමිනි.
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, අදාළ සංවර්ධන ව්‍යාපෘති ජනතාවට කඩිනම් ප්‍රතිලාභ සැලසෙන අයුරින් විධිමත් හා කාර්යක්ෂම කරන ලෙසයි.
අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරු සහ නිලධාරීහු ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.